ටෙස්ලා සමාගම විසින් දැරිය හැකි මිලකට විදුලි මෝටර් රථයක් නිෂ්පාදනය ආරම්භ කර ඇති බව නිවේදනය කර තිබෙනවා.
අනෙකුත් සමාගම්වල තරගකාරිත්වය, ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක එලොන් මස්ක්ගේ දේශපාලන අදහස්, සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇති වූ ගැටුම් හේතුවෙන් ටෙස්ලා සමාගමේ විදුලි මෝටර් රථ අලෙවිය පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අභියෝගාත්මක තත්ත්වය තුළ, දැරිය හැකි මිලකට විදුලි මෝටර් රථ හඳුන්වාදීම තුළින් සමාගමට ඇතිවූ මූල්‍ය පාඩු පියවා ගැනීමට එලොන් මස්ක් තීරණය කර තිබෙනවා.
පසුගිය අප්‍රේල්-ජූනි කාර්තුවේදී ටෙස්ලා සමාගමේ ආදායම ඩොලර් බිලියන 22.5 දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රමුඛ අලෙවි වාර්තා තබා ඇති Y SUV මාදිලියේ යාවත්කාලීන අනුවාදයක් හඳුන්වාදුන්නද, ටෙස්ලා සමාගමේ ආදායම අඛණ්ඩව පහත වැටී ඇති බව වාර්තා වනවා.