Latest News

රෙස්ලිං පිටියේ පුරාවෘත්තයක් දිවි සැරිය නිම කරයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මල්ලවපොර පිටියේ පුරාවෘත්තයක් වන හල්ක් හෝගන් මියගොස් තිබෙනවා.

හල්ක් හෝගන් මිය යනවිට 71 වන වියේ පසු වුණා.

හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර සිටිය දී මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එක්සත් ජනපදයේ ජෝජියාහිදී උපත ලැබූ හල්ක් හෝගන්ගේ සැබෑ නම වන්නේ ටෙරී බොලියා යි.

1980 දශකයේ වෘත්තීය රෙස්ලිං ක්‍රීඩාවට පිවිසි හල්ක් හෝගන්, 80 සහ 90 දශකවල මල්ලවපොර පිටියේ විශාලතම වෘත්තීය මල්ලවපොර ක්‍රීඩකයා වුණා.

ඔහු ලැබූ ජයග්‍රාහණ හේතුවෙන් ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට පත් වූ අතර, ඔහුට ගෞරව කිරීමක් ලෙස එක්කරන ‘WWE Hall of Fame’ නාමාවලියට ද හල්ක් හෝගන්ගේ නම ඇතුළත් කෙරුණා.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හෝගන්ගේ පවුලට සිය ශෝකය පළ කරමින් පවසා ඇත්තේ, ඔහු ශක්තිමත්, දැඩි, බුද්ධිමත් මෙන්ම විශාලතම හදවතක් ඇති අයෙක් බවයි.

World News

Send your contact Details Today