Latest News

තුර්කියේ ළැව් ගිනි, ජීවිත 10 ක් බිලි ගනියි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දැඩි වියලි කාලගුණය හේතුවෙන්, තුර්කියේ ළැව් ගිනි ව්‍යාප්ත වෙමින් පවතිනවා.

ළැව් ගිනි ව්‍යාප්ත වෙමින් පවතින්නේ, මධ්‍යම එස්කිසෙහීර් පළාතේයී.

එම ළැව් ගිනිවලට හසුවීමෙන් මියගිය ගණන 10 දෙනෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ළැව් ගිනිවලට කොටුවී සිටි තුර්කි වැසියන් 24 දෙනකු බේරා ගැනීමට ගිනි නිවන භටයෝ සමත් වී තිබුණා.

ළැව් ගිනි පාලනය කිරීම අසීරු වී ඇත්තේ, වියලි සුළං හේතුවෙන් බවයි තුර්කි කෘෂිකර්ම සහ වනජීවී කටයුතු පිළිබඳ අමාත්‍ය ඊබ්‍රාහිම් යුමාක්ලි පවසා ඇත්තේ.

ළැව් ගිනිවනට හසුවී තුවාල වූ ගිනි නිවන භටයන් සහ වනජීවී නිලධාරීන් කීප දෙනකු රෝහල්ගත කළ බව ද අමාත්‍ය ඊබ්‍රාහිම් යුමාක්ලි වැඩි දුරටත් පවසා තිබෙනවා.

ළැව් ගිනි ව්‍යාප්තියත් සමඟ දහස් ගණනක් දෙනා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු බව ද වාර්තා වනවා.

ළැව් ගිනි සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ කනස්සල්ල පළ කර තිබෙනවා.

World News

Send your contact Details Today