රුසියාවේ පෙරදිග ප්‍රදේශයේ, චීන දේශ සීමාව ආසන්නයේ දී පුද්ගලයින් 50 දෙනෙකු පමණ රැගත් An-24 මගී ගුවන් යානයක් සමඟ ගුවන් ගමනාගමන පාලක නිලධාරීන්ගේ සම්බන්ධතා බිඳ වැටී තිබෙනවා.
සයිබීරියාව පදනම් කරගත් අංගාරා නම් ගුවන් සමාගමක් විසින් මෙහෙයවනු ලබන මෙම ගුවන් යානය චීනයට මායිම්ව පිහිටි අමූර් කලාපයේ නගරයක් වන ටින්ඩා වෙත ළඟා වෙමින් සිටියදී රේඩාර් තිරවලින් ඉවත් වූ බව ප්‍රාදේශීය හදිසි අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.
ප්‍රාදේශීය ආණ්ඩුකාර වාසිලි ඔර්ලොව් පැවසුවේ මූලික දත්ත වලට අනුව, ළමයින් පස් දෙනෙකු ඇතුළුව මගීන් 43 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු එහි සිටි බවයි.
ඒ අනුව රුසියාවේ අමූර් ප්‍රාන්තයේදී එම මගී ගුවන් යානයක් කඩා වැටී සිදු වූ අනතුරකින් එහි ගමන්ගත් කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු 49 දෙනෙකු මියගොස් සිටිය දී හමු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.