චීන පුරවැසියන් සඳහා ඉන්දියාව අද (24) සිට සංචාරක වීසා නිකුත් කිරීම යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
පසුගිය 2020 වසරේදී කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීම සහ 2020 ජුනි මාසයේ ගැල්වාන් ගැටුම නිසා දෙරට අතර සබඳතා තවදුරටත් අඩපණවීම හේතුවෙන් ඉන්දියාව සංචාරක වීසා අත්හිටුවීමට තීරණය කර තිබුණා.
ඒ අනුව වසර 5කට පසුව යළි චීන පුරවැසියන් සඳහා ඉන්දියාව සංචාරක වීසා නිකුත් කිරීම හෙට සිට ආරම්භ කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නිවේදනයක් නිකුත් කරමින් චීනයේ ඉන්දීය තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ චීන පුරවැසියන්ට මාර්ගගත අයදුම්පතක් යොමු කිරීම මගින් වීසා ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.