Latest News

ගාසා තීරයේ සා ගිනිවලට, ඊශ්‍රායලයෙන් සෝ ගිනි – 100 දෙනෙකුට අධික පිරිසකට දිවි අහිමි වෙයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයේ කුසගින්න පිළිබඳ අර්බුදය තවත් උග්‍ර වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව කුසගින්නෙන් පෙළුණු තවත් පලස්තීනුවන් 10 දෙනෙකු මියගොස් ඇති බවයි ගාසා සෞඛ්‍ය බලධාරින් පවසා ඇත්තේ.

එමෙන්ම ආහාර සැපයුම් අවහිර කිරීම මධ්‍යයේ ගාසා තීරයේ සමූහ සාගිනි තත්ත්වයක් ඇතිවිය හැකි බවට ආධාර කණ්ඩායම් අනතුරු අඟවා තිබෙනවා.

2023 වසරේ ඔක්තෝම්බර් මාසයේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමග මේ දක්වා කාලය තුළ මන්දපෝෂණය හේතුවෙන් මිය ගිය ගාසා වැසියන් ගණන 111ක්.

ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මෑත සති කිහිපයේදීයි.

ආධාර පතන්නන් 34 දෙනෙකු ඇතුළු අවම වශයෙන් පලස්තීනුවන් 100 දෙනෙකු පසුගිය පැය 24 තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගිය බව ගාසා සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ ප්‍රකාශ කළා.

මේ වසරේ මේ දක්වා කාලය තුළ මන්දපෝෂණයෙන් මිය ගිය පුද්ගලයින් අතර වයස අවුරුදු 05 අඩු ළමුන් 21 දෙනෙකු සිටින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ.

World News

Send your contact Details Today