Latest News

මනුෂ්‍යත්වය වෙනුවෙන් ඊශ්‍රායලයේ දහස් සංඛ්‍යාත ජන­තාව වීදි බසියි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයේ උද්ගත වී ඇති මානු­ෂීය අර්බු­ද­යට එරෙ­හිව ඊශ්‍රා­ලයේ දහස් සංඛ්‍යාත ජන­තාව ඊයේ එරට ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය දක්වා විරෝ­ධතා රැලි­යක නිරත වූ බව එරට හාරිට්ස් පුවත් සේවය වාර්තා කරනවා.

ඊශ්‍රා­ය­ලයේ ‘ස්ටෑන්ඩින් ටුගෙ­දර්‘  යුදෙව් සහ අරාබි ව්‍යාපා­රය සංවි­ධාන කරනු ලැබූ එම විරෝ­ධතා රැලි­යේදී ගාසා තීරයේ දරු­වන් හා වැඩි­හි­ටි­යන් සාගින්නේ මිය යෑම මුල් කර­මින් රජ­යට එරෙ­හිව එම විරෝ­ධතා රැලිය පවත්වා තිබෙන බවයි හාරිට්ස් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේ.

දරු­වන්ගේ ජීවිත බිල්ලට දී යුද්ධ­යක් ජය­ගත නොහැකි බව සඳ­හන් විරෝ­ධතා පූවරු හා මන්ද­පෝ­ෂ­ණ­යට ගොදුරු වූ ගාසා දරු­වන්ගේ ඡායා­රූප ප්‍රද­ර්ශන කරමින් ඊශ්‍රා­යල ජාති­ක­යන් සාගි­න්නෙන් පීඩා විඳින පල­ස්තී­නු­වන්ට සිය සහ­යෝ­ගය පළ කළ බවත්, ටෙල් අවීව් නුවර හබීමා චතු­ර­ස්‍රය අසල එක්රොක් වී රජ­යට එරෙ­හිව උද්ඝෝ­ෂ­ණ­යක නිරත වූ බවත් එම පුවත් සේවය සඳ­හන් කළා.

අපට අවශ්‍ය වන්නේ ගාසා තීරයේ ප්‍රති­ප­ත්තිය විනාශ කිරීම මිස දරු­වන් හා සිවිල් වැසි­යන්ගේ ජීවිත විනාශ කිරීම නොවන බවත්, මනු­ෂ්‍ය­ත්ව­යට ප්‍රමු­ඛ­තාව ලැබිය යුතු බවත් ස්ටෑන්ඩින් ටුගෙ­දර් ව්‍යාපා­රයේ සම අධ්‍යක්ෂ ඇලන් ලී ග්‍රීන් ප්‍රකාශ කළ බවයි හාරිට්ස් පුවත් සේවය වාර්තා කළේ.

“රජය කියන්නේ ඊශ්‍රා­යල හමු­දාව ගාසා තීරයේ ප්‍රහාර සිදු­ක­රන්නේ අපගේ ආර­ක්ෂාව වෙනු­වෙන් බවයි. මේ යුද්ධය ඊශ්‍රා­ය­ල­යෙන් පැහැ­ර­ගත් ප්‍රාණඇපකරුවන් නැවත මුදා ගැනී­මට බවයි.  එහෙත් දැන් වසර 2ක් පුරා ඔවුන් මේ ප්‍රකා­ශය සිදු කර­මින් සිටි­නවා. ඒත් මේ සිදු­වන්නේ මනු­ෂ්‍ය­ත්ව­යට එරෙහි යුද්ධ­යක්. සියලු ඊශ්‍රා­යල ජාති­ක­යන් මේ යථා­ර්ථය තේරුම් ගත යුතුයි. ගාසාවේ හමුදා සේවය ප්‍රති­ක්ෂේප කළ යුතුයි. ගාසා තීර­යට ඇතු­ළු­වන සෑම ඊශ්‍රා­යල සෙබ­ළෙක්ම යුද අප­රා­ධ­ව­ලට හවු­ල්වී­මෙන් වැළ­කිය යුතුයි.” ලෙස ස්ටෑන්ඩින් ටුගෙ­දර් ව්‍යාපා­රයේ සම අධ්‍යක්ෂ ඇලන් ලී ග්‍රීන් වැඩි­දු­ර­ටත් එසේ ප්‍රකාශ කළ බව හාරිට්ස් පුවත් සේවය සඳ­හන් කළා.

World News

Send your contact Details Today