Latest News

යුක්‍රේනය පුරා විරෝ­ධතා පැතිරෙයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේනය පුරා විරෝ­ධතා පැතිරී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ යුක්‍රේනයේ ස්වාධීන දූෂණ විරෝධි ඒජ­න්සියේ බල­තල එරට නීති­ප­ති­ව­ර­යාට පැවැ­රීමේ ආන්දෝ­ල­නා­ත්මක පන­ත­කට ජනා­ධි­පති වොලො­දි­මිර් සෙලෙන්ස්කි අත්සන් තැබීම මුල් කර­මින්.

වසර 2022 රුසි­යාව සමඟ යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු යුක්‍රේනයේ රජ­යට එරෙ­හිව විරෝ­ධතා පැවැ­ත්වෙන පළමු අව­ස්ථාව ද මෙය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

යුක්‍රේන ජනා­ධි­ප­ති­ව­රයා අත්සන් තැබූ නව පන­තට අනුව එරට ජාතික දූෂණ විරෝධි කාර්යාං­ශය සහ දූෂණ විරෝධි නීති කාර්යා­ලය විසින් සිදු කරනු ලැබූ විමර්ශන කට­යුතු පාල­නය කිරීමේ බල­තල නීති­ප­ති­ව­ර­යාට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේ.

එම පනත මඟින් යුක්‍රේනයේ දූෂණ වංචා තුරන් කිරීමේ කාර්ය­භා­රය ස්වාධී­නව සිදු කරන ආය­ත­න­වල බල­තල කප්පාදු කිරී­මට එරෙ­හිව කීෆ් අග­නු­වර ඇතුළු නගර රැසක රජ­යට එරෙ­හිව විරෝ­ධතා සිදු­වන බව වාර්තා වනවා.

World News

Send your contact Details Today