නව යොවුන් වියේ දරුවන් ස්මාර්ට්ෆෝන් සහ සමාජ මාධ්‍ය භාවිතයෙන් වැළැකිය යුතු බව නව පර්යේෂණයක් පෙන්වා දී තිබෙනවා.
වයස අවුරුදු 13ට අඩු දරුවන් අතර ස්මාර්ට්ෆෝන් භාවිතය නිසා සියදිවි නසා ගැනීමේ සිතුවිලි, නරක චිත්තවේගීය නියාමනය, අඩු ආත්ම වටිනාකම, යථාර්ථයෙන් වෙන්වීම යන සිතුවිලි හට ගන්නා බවයි පර්යේෂණයේ දැක්වෙන්නේ.
“Joual of Human Development and Capabilities” සඟරාවේ පළ කරන ලද අධ්‍යයනයක් අනුව, වැඩි වශයෙන් ගැහැණු ළමුන් මේ ආකාරයේ මානසික ගැටළුවලට වැඩි වශයෙන් ලක්වන බව හෙලි වී තිබෙනවා.
සඳුදා විදෙස් මාධ්‍ය වෙත නිකුත් කරන ලද පර්යේෂණ වාර්තාවේ දක්වා ඇත්තේ, වයස අවුරුදු 13 ට පෙර දරුවන් ස්මාර්ට්ෆෝන් භාවිතයට ලක් වීම ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට හානිකර බවයි.
මෙම පර්යේෂණය සඳහා රටවල් 163කින් මිලියන 2කට ආසන්න ජනතාවගේ දත්ත භාවිතා ගෙන තිබෙනවා.
පර්යේෂණය අනුව, වයස අවුරුදු 13 ට පෙර දරුවන්ට ස්මාර්ට්ෆෝන් ලබාදීමෙන් සමාජ මාධ්‍යවලට වැඩි වශයෙන් ඇලීම, නින්දෙහි බාධාව, සයිබර් හිරිහැර, සහ පවුලේ සබඳතා වල ගැටළු ඇති වීමේ පැහැදිලි අවදානමක් ඇතැයි පර්යේෂණයේ සඳහන් බව, විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, මෙම සමීක්ෂණය ස්වයං වාර්තා මත පදනම් වූ අතර, ඒවා පර්යේෂකයන් විසින් ස්වාධීනව සත්‍යාපනය කර නොමැති බවයි විදෙස් මාධ්‍යවල සඳහන් වන්නේ.
තවද තාක්ෂණය පරිණාමය වන විට පරිශීලනයේ ආකාරය ද වෙනස් විය හැකි බැවින්, අනාගත ගවේෂණ සඳහා තවදුරටත් අධ්‍යයනයක් අවශ්‍ය බවයි පර්යේෂකයන් විදෙස් මාධ්‍යවලට පවසා ඇත්තේ.