Latest News

නොසිතු තීරුබදු ඉවත් කිරීමකට එකඟ වෙමින් අමෙරිකාව තවත් රටක් සමඟ වෙළඳ ගිවිසුමකට එළැඹෙයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දුනීසියාව, අමෙරිකානු භාණ්ඩවලින් සියයට 99කට වඩා වැඩි ප්‍රමාණයක තීරුබදු ඉවත් කිරීමට සහ අමෙරිකානු සමාගම් මුහුණ දෙන සියලුම තීරුබදු නොවන බාධක ඉවත් කිරීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපදය ඉන්දුනීසියානු නිෂ්පාදන සඳහා තීරුබදු සියයට 32 සිට සියයට 19 දක්වා අඩු කරන බවයි සඳහන් කර ඇත්තේ.

ජූලි 15 වන දින ප්‍රථම වරට ප්‍රකාශයට පත් කළ මෙම ගනුදෙනුව, ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළ කරමින් සඳහන් කර ඇත්තේ, එය “අපගේ මෝටර් රථ නිෂ්පාදකයින්, තාක්ෂණික සමාගම්, කම්කරුවන්, ගොවීන්, ගොවිපල හිමියන් සහ නිෂ්පාදකයින් සඳහා දැවැන්ත ජයග්‍රහණයක්” ලෙසයි.

ගිවිසුම සඳහා රාමුවක් පිළිබඳ විස්තර දෙරට විසින් ඒකාබද්ධ ප්‍රකාශයකින් සහ ධවල මන්දිරය විසින් නිකුත් කරන ලද කරුණු පත්‍රිකාවකින් නිකුත් කර තිබෙනවා.

ඉදිරි සති කිහිපය තුළ දෙරටේ සාකච්ඡාකරුවන් සැබෑ ගිවිසුම අවසන් කරනු ඇති බව ඔවුන් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

World News

Send your contact Details Today