ඉරාන වැසියෝ උග්‍ර ජල හිඟයකට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අධික වියලි කාලගුණය හේතුවෙන්.
ඒ අනුව වියලි කාලගුණය පහව යනතුරු ජල පරිභෝජනය සීමා කරන ලෙසයි බලධාරීන් ඉරාන වැසියන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ.
ඉරානයේ ඇතැම් පළාත්වල උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 50 ඉක්මවා ගොස් තිබෙන බව ද එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .
වියලි කාලගුණය හේතුවෙන් ජලය සහ විදුලිය සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන මෙම සතියේ දින කීපයක් පොදු නිවාඩු දින ලෙස නම් කිරීමට ද බලධාරීන් තීරණය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.