Latest News

තම මාස 7 බිළිඳියව Chat App එකක් ඔස්සේ ලිංගික කටයුතු සඳහා විකිණීමට තැත් කළ නරුම මවක් අත්අඩංගුවට

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ වෙසෙන, දරුවන් හත් දෙනෙකුගේ මවක් වන 32 හැවිරිදි මෝගන් ස්ටැප්, තම මාස හතක් වයසැති බිළිඳියව ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමට තැත් කිරීමේ චෝදනාව මත 2025 ජූලි මාසයේදී අත්අඩංගුවට ගැනීම එරට විශේෂ අවධානයට ලක්වූ පුවතක් බවට පත්ව තිබෙනවා.

බලධාරීන් චෝදනා කරන්නේ ඇය විසින් “morgan-stapp” නමැති සිය Snapchat ගිණුම හරහා පිරිමි පුද්ගලයෙකුට ඩොලර් 400ක මුදලකට සිය බිළිඳියව පිරිනමා ඇති බවයි.

මෙම ගනුදෙනුව සඳහා ඇය විසින් නුසුදුසු පණිවිඩ සහ ඡායාරූප යවා ඇති අතර, මුදල් ගෙවීමක් වෙනුවෙන් තම දියණියට ලිංගික අතවර කිරීමට ඉඩ දීමේ අභිප්‍රාය පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවට චෝදනා එල්ල වනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වූයේ 2024 නොවැම්බර් මාසයේදී Snapchat සමාගම විසින් සැකකටයුතු පණිවිඩ කිහිපයක් පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීමත් සමඟයි.

ඒ අනුව FBI ආයතනය විසින් පරීක්ෂණයක් දියත් කරන ලදී. එහිදී විමර්ශකයන් විසින් සොයාගනු ලැබුවේ ස්ටැප් විසින් පණිවිඩ දහස් ගණනක් යවා ඇති බවත්, ඩයපර් මිලදී ගැනීම සඳහා තමාගේ නිරුවත් ඡායාරූප අලෙවි කිරීමට ඉදිරිපත් වීම් සහ තම බිළිඳිය සම්බන්ධයෙන් වූ පැහැදිලි ලිංගික යෝජනා ද ඒ අතර වූ බවයි.

ස්ටැප් 2025 ජූලි 8 වන දින අත්අඩංගුවට ගන්නා ලද අතර, ඇයට එරෙහිව ළමා ලිංගික ජාවාරමට තැත් කිරීමේ චෝදනා ගොනු කරන තිබෙනවා.

ඉන්දියානා නීතියට අනුව මෙය දෙවන මට්ටමේ බරපතල අපරාධයක් වන අතර, ඒ සඳහා වසර 10ත් 30ත් අතර සිර දඬුවමක් නියම විය හැකියි.

ඇයව ඩොලර් 100,000ක ඇප මුදලක් මත මුදා හැර ඇති අතර, ඇයගේ දරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් සම්බන්ධතා පැවැත්වීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

නඩුවේ පූර්ව නඩු විභාගය 2025 සැප්තැම්බර් 15 වන දිනට නියමිතයි.

FBI ආයතනයට ප්‍රකාශයක් කරමින් ස්ටැප් මුලින් කියා සිටියේ, නව දුරකථනයක් ලබා ගැනීම නිසා තමාගේ Snapchat ගිණුමට ප්‍රවේශය අහිමි වූ බවයි.

නමුත් විමර්ශකයන් විසින් සොයාගත් සාක්ෂි එයට පටහැනි වූ අතර ගිණුමට ප්‍රවේශය අහිමි වූ බව කියන කාලයෙන් පසුව ගන්නා ලද ඡායාරූප සහ ඇයගේ නිවසේ සිට ගිණුමට ඇතුළු වී ඇති බවට තහවුරු වූ තොරතුරු විමර්ශකයින් විසින් නැවත ලබාගෙන තිබුණා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ස්ටැප්, රැකියාවක් නොකරන, රජයේ ආධාර මත යැපෙන මවක් වූ අතර, ඇය ඉඳහිට කුලී රථ සේවාවක නිරත වී තිබෙනවා.

ළමා සේවා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමකින් පසුව ඇයගේ දරුවන්ගේ භාරකාරීත්වය ඇයට නැවත ලබා දී තිබුණේ මෑතකදීයී.

World News

Send your contact Details Today