Netflix සමාගම ප්‍රථම වතාවට නිෂ්පාදන වියදම් අඩු කිරීම සඳහා Generative AI තාක්ෂණය භාවිත කළ බව ප්‍රකාශ කර තිබෙනවා.
මෙම AI තාක්ෂණය භාවිතා කර ඇත්තේ “The Eternaut” නමින් හැඳින්වෙන ආර්ජන්ටිනාවේ විද්‍යා ප්‍රබන්ධ කතාවක් සඳහායි.
එහි ගොඩනැගිල්ලක් කඩා වැටෙන දර්ශනයක් නිර්මාණය කිරීම සඳහා AI භාවිත කර ඇති අතර එහි තාක්ෂණය නිෂ්පාදන කණ්ඩායමට එය ඉක්මනින් සහ අඩු වියදමකින් කරගත හැකි වූ බවයි සමාගම පවසන්නේ.
Netflix සමාගමේ සමාන්‍ය අධ්‍යක්ෂ ටෙඩ් සාරන්ඩොස් පවසන්නේ AI තාක්ෂණය නිසා එම දර්ශනය පැරණි තාක්ෂණික උපකරණ භාවිතයට වඩා ගුණාත්මකව සහ වේගවත් ලෙස නිම කළ හැකි වූ බවයි.
ඒ අනුව දින 10ක් පමණ ගත වන නිර්මණ සදහා ඉතා කෙටි කාලයක් ගත වූ බව ඔහු කියා සිටියා.
පසුගිය වසරට සාපේක්ෂව ජුනි මාසය අවසානය දක්වා මාස තුනක ආදායම 16% කින් ඉහළ ගොස් ඇති බව Netflix සමාගම දන්වා තිබෙනවා.
Netflix හි AI භාවිතය පිළිබඳව කළ විමසීමකදී එහි අධ්‍යක්ෂවරයා සදහන් කලේ AI මඟින් විශාල පිරිවැයක් අවශ්‍ය වන නිෂ්පාදන සඳහා ඉතාමත් අඩු පිරිවැයකින් උසස් දෘශ්‍ය ප්‍රයෝග භාවිතා කිරීමට හැකි වන බවයි.