Latest News

තවත් ගුවන් යානයක් අද හදිසියේම ගොඩබස්වයි

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Qantas ගුවන් යානයක් අද (22) හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

මීල්ඩුරා සිට මෙල්බන් දක්වා ගුවන්ගත වූ QF 2079 දරණ ගුවන් යානයයි මෙසේ ගොඩබස්වා ඇත්තේ.

එරට වේලාවෙන් අද පෙරවරු 10.40 ට පමණ නිව් සවුත් වේල්ස් දේශසීමාව අසල වික්ටෝරියා හි වයඹ දෙසින් පිහිටි මිල්ඩුරා ගුවන් තොටුපළෙන් යානය පිටත් වී තිබෙනවා.

flight tracking දත්ත වලට අනුව, යානය ගුවන් ගත වී සුළු වේලාවකට පසුව වක්‍රාකාර ලෙස පියාසර කිරීමට පටන් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එබැවින් මිල්ඩුරා ගුවන් තොටුපළට හදිසි ගොඩබෑමක් සිදු කිරීමටයි නියමුවන් කටයුතු කර ඇත්තේ.

ගුවන් යානය ආරක්ෂිතව ගොඩ බස්වා ඇති අතර මගීන්ට කිසිදු අනතුරක් සිදුවී නැහැ.

ගුවන්යානයේ දෝෂය පිළිබඳ තවමත් පැහැදිලිව ප්‍රකාශ කර නොමැති අතර, අදහස් දැක්වීම සඳහා Qantas සහ ඕස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය සම්බන්ධ කර ගෙන තිබෙනවා.

World News

Send your contact Details Today