ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය එම ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ඒ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයට යළි එක්වීමේ අරමුණින්.
IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසන්නේ, “නියමිත වේලාවට” ගෝපිනාත්ගේ අනුප්‍රාප්තිකයෙකු නම් කරනු ඇති බවයි.
ගෝපිනාත් මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.
ගෝපිනාත් 2019 දී ප්‍රධාන ආර්ථික විද්‍යාඥවරිය ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධ වුණා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් පසුගිය ජුනි මස 15 සහ 16 යන දෙදින මෙරට සංචාරයක නිරත වුණා.
මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව ජුනි 16 දා සංවිධානය කළ ‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීම: ණය සහ පාලනය’ යන සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස ඇය එක්වී සිටියා.