Latest News

යුරෝපා සංගමයෙන්, අමෙරිකාවට අනතුරු ඇඟවීමක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුරෝපා සංගමයෙන්, අමරිකාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අමෙරිකාව විසින් අගෝස්තු 01 සිට යුරෝපා සංගමට පැනවූ 30%ක තීරු බද්ද පිළිබඳවයි.

යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර්ලේන් සඳහන් කළේ අමරිකාව පැනවූ තීරු බදු සමග යුරෝපා සංගමය තම අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සූදානම් බවයි.

තවද මෙම තීරු බදු නිසා අත්ලාන්තික් සාගරයෙන් පිටත සිටින ව්‍යාපාරිකයින්ට, පාරිභෝගිකයින් සහ රෝගීන්ට එහි අහිතකර බලපෑම් සිදු විය හැකි බව, ඇය අවධාරණය කර සිටියා.

යුරෝපා සංගමයට සහය දෙමින් ජර්මනිය සහ මෙක්සිකෝවද අමෙරිකාව විවේචනය කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ යුරෝපා සංගමයට පැනවූ බදු ගිවිසුම අසාධාරණ බවත් ට්‍රම්ප්ගේ නියෝග පරිදී ඒ සදහා අගොස්තු පළමු වන දින තමන් එකඟත්වය ප්‍රකාශ නොකරන බවත් ලෙසයි.

World News

Send your contact Details Today