Latest News

ලොව වයස්ගතම ජනප්‍රිය සමාජ මාධ්‍ය තරුව මෙළොවින් සමුගනියි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සමාජ මාධ්‍යයේ ‘පපා ජේක්’ ලෙස ප්‍රසිද්ධව සිටින ජේක් ලාර්සන් මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කර ආකාරයට ඔහු මියයන විය 102 වන වියේ පසු වුණා.

දෙවන ලෝක යුද්ධයේ හමුදා සමජිකයෙන් වන ජේක් ලාර්සන් 1944 දී උතුරු ප්‍රංශයේ වෙරළ තීරයේ නාසි හමුදාවන්ට පහර දුන් ඩී-ඩේ හි මිත්‍ර හමුදාවේ සේවය කළ අයෙක්.

ඔහුගේ මිනිබිරියවන මැකේලා ලාර්සන් පවසන්නේ ජේක් ලාර්සන් පසුගිය ජූලි 17 වනදා මියගිය බවත් අවසන් මොහොත දක්වාම ඔහු ඉතා සතුටින් සිටි බවයි.

සමාජ මාධ්‍යයේ ජනප්‍රිය තරුවක් වූ ජේක් ලාර්සන්, ‘පපා ජේක්’ ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේ, TikTokහි අනුගාමිකයින් මිලියන 1.2 කට වැසි සංඛාවක් ඔහු වටා රඳවා ගනිමින්.

දෙවන ලෝක යුද්ධයේ සහ ඔහුගේ මියගිය සගයන් සම්බන්ධ මතකයන් සමාජය සමඟ බෙදාගනිමින් ඔහු TikTok සමාජ මාධ්‍යයේ ජනප්‍රියව සිටියා.

දෙවන ලෝක යුද්ධයේදී බල්ජ් සටනේදී ඔහු එක්සත් ජනපද හමුදාවේ ද සේවය කර ඇති අතර, මිත්‍ර පාක්ෂිකයින් විසින් අල්ලා ගන්නා ලද ප්‍රංශය ආක්‍රමණය කිරීමට පෙර, ඔහු වයස අවුරුදු 19 දී උතුරු අයර්ලන්තයේ ලුර්ගන් හි හමුදා රාජකාරියේ නිරතව තිබෙනවා.

මේ අතර දෙවන ලෝක යුද්ධයේ විශේෂ මෙහෙයුමක් සිදුකළ “D-Day” නමින් හඳුන්වන දිනයේ 80 වන සංවත්සරය සනිටුහන් කරමින් බ්‍රිතාන්‍ය-ඉරාන මාධ්‍යවේදී ක්‍රිස්ටියන් අමන්පූර් විසින් ලාර්සන් සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාව එමී සම්මානයක් ද දිනාගනු ලැබුවා.

World News

Send your contact Details Today