Latest News

ලබන මාසයේ ලංකාවට එන නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ලබන මස සංචාරය කිරීමට නියමිත නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වය ලබා දෙන්නේ ටිම් සවුති විසින්.

එම සංචිතයේ අනෙක් ක්‍රීඩකයින් වන්නේ, ටොම් බ්ලුන්ඩෙල්, මයිකල් බ්‍රෙස්වල්, ඩෙවොන් කොන්වේ, මැට් හෙන්රි, ටොම් ලේතම්, ඩැරීල් මිචල්, විල් ඕ’ රූක්, අජාස් පටෙල්, ග්ලෙන් පිලිප්ස්, රචින් රවින්ද්‍රා, මිචෙල් සැන්ටර්, බෙන් සියර්ස්, කේන් විලියම්සන් සහ විල් යං

සැප්තැම්බර් 18 සහ 26 යන දිනවල එම ටෙස්ට් තරග දෙක ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ආරම්භවීමට නියමිතයි.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ එම තරග පැවැත්වෙනවා.

World News

Send your contact Details Today