Latest News

කැනඩා Study Visa බලපත්‍රයක් සඳහා අයදුම් කරන ජාත්‍යන්තර සිසුන් සඳහා විශේෂ දැනුම්දීමක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කැනඩා Study Visa බලපත්‍රයක් සඳහා අයදුම් කරන ජාත්‍යන්තර සිසුන් සඳහා Financial Proof අවශ්‍යතා අලුත් කර තිබෙනවා.

IRCC (Immigration, Refugees and Citizenship Canada) පවසන්නේ එය 2025 සැප්තැම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක බවයි.

මෙම නව නීති ක්විබෙක් [Quebec] පළාත හැර අනෙකුත් සියලුම පළාත්වලට සහ ප්‍රාන්තවලට අදාළ වනවා.

කැනඩාවට පැමිණීමට පෙර ජාත්‍යන්තර සිසුන් මූල්‍යමය වශයෙන් ස්ථාවර බව සහතික කිරීම මෙහි අරමුණයි.

මීට පෙර, තනි සිසුවෙකුට ටියුෂන් ගාස්තු හා ගමනාගමන වියදම් හැර $ 20,635 ක් පෙන්විය යුතු වුණා.

සැප්තැම්බර් 1 සිට මෙම සංඛ්‍යාව $ 2,300 කට ආසන්න වශයෙන් වැඩිවනු ඇති.

ඒ අනුව නව අවම මුදල වසරකට $ 22,900 ක් ලෙස ඉදිරිපත් කළ යුතු බවයි IRCC පවසන්නේ.

ක්විබෙක් හි අධ්‍යයන කටයුතු සිදු කරන්නේ නම්, MIFI (Ministry of Immigration, Francization and Integration) නියම කරන සීමා අනුව මූල්‍ය සාක්ෂි ඉදිරිපත් කළ යුතු වනවා.

එහිදී ජීවන වියදම්, ටියුෂන් ගාස්තු සහ පවුලේ අය සඳහා මුදල් පෙන්විය යුතුයි.

World News

Send your contact Details Today