Latest News

නූපන් ළදරුවන් ගර්භාෂයේදීම මුදලට අලෙවි කරන ජාවාරමක්

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2023 සිට සිංගප්පූරුවේ ගැනුම්කරුවන්ට අවම වශයෙන් ළදරුවන් 25 දෙනෙකු විකුණා ඇති බව කියන ළදරු ජාවාරම් කණ්ඩායමක් ඉන්දුනීසියානු පොලිසිය විසින් අනාවරණය කර තිබෙනවා.

පොලිසිය විසින් ඉන්දුනීසියානු නගර දෙකකදී පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ජාවාරම් කිරීමට සූදානම්වූ අවුරුද්දක් පමණ වයසැති ළදරුවන් හය දෙනෙකු බේරා ගෙන තිබෙනවා.

බටහිර ජාවා පොලිසියේ පොදු අපරාධ විමර්ශන අධ්‍යක්ෂ සුරවාන් බීබීසී ඉන්දුනීසියා සේවයට පැවසුවේ “මෙම ළදරුවන් පළමුව පොන්ටියානාක් හි රඳවා තබා ගෙන සිංගප්පූරුවට යැවීම පෙර ඔවුන්ගේ ආගමන ලියකියවිලි සකස් කර ඇති ” බවයි.

පොලිසිය පවසන පරිදි, මෙම කණ්ඩායම තම ළදරුවන් ළඟ තබා ගැනීමට අකමැති දෙමාපියන් හෝ ගර්භනී කාන්තාවන් ඉලක්ක කර ගන්නා අතර, මොවුන් බොහෝ විට WhatsApp තුළින් පුද්ගලික සංවාද දක්වා යොමු වීමට පෙර Facebook ඔස්සේ මූලික සම්බන්ධතා ආරම්භ කර තිබෙනවා.

World News

Send your contact Details Today