බ්‍රසීලයේ හිටපු ජනපති ජෙයාර් බෝල්සොනාරෝ සිටින තැන හඳුනාගැනීම සඳහා පාදයේ පළඳනාවක් යොදන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ, පවතින නඩු විභාගය ඔහු අතරතුර පලා යෑමට හැකි බවට ඇති වී ඇති සැකය හේතුවෙන්.
2019 සිට 2022 ඔහු බ්‍රසීලය පාලනය කර තිබුණා.
පසුව 2023 වසරේ ජනවාරි මාසයේ වත්මන් ජනාධිපති ලුලා ද සිල්වා බලයට පත් වීම වැළැක්වීම සදහා කුමන්ත්‍රණය කළ බවට බොල්සනාරෝට චෝදනා එල්ල කර නඩු පවරා තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.