Latest News

සිරියාවේ පාර්ශව දෙකක් අතර මතුව ඇති ගැටුම් මර්දනය කිරීමට එරට ජනාධිපති ගත් විශේෂ තීරණය

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිරියාවේ පාර්ශව දෙකක් අතර මතුව ඇති ගැටුම් මර්දනය කිරීමට විශේෂ හමුදාවක් යෙදවීමට එරට ජනාධිපති අහමඩ් අල් ෂාරා තීරණය කර තිබෙනවා.

සිරියාවේ දකුණු ප්‍රදේශයේ බෙඩොයින් හා ඩෲස් දෙපිරිස අතර මාරාන්තික ගැටුම් හටගෙන තිබෙනවා.

මෙම ගැටුම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 600කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

රජයේ හමුදා ඩෲස් සිවිල් වැසියන් අමානුෂික ලෙස ඝාතනය කරන බවට චෝදනා එල්ල වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් ප්‍රකාශ කර සිටින්නේ සිරියා හමුදාවේ අත්තනෝමතික ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව ඇති බවයි.

මෙම ගැටුම්කාරී වතාවරණය වහා අත්හිටුවා සාමය ගොඩනැගීමට පියවර ගන්නා ලෙස තුර්කියේ එක්සත් ජනපද තානාපති ටොම් බැරක් සියලු ජන කොටස්වලින් ඉල්ලීමක් කර තිබෙනවා.

World News

Send your contact Details Today