වාහනවල වටිනාකම අනුව ලබාදෙන ණය පහසුකම් ශ්‍රී ලංකා මහ බැංකුව සංශෝධනය කර තිබෙනවා.
ඒ, ලියාපදිංචි නොකළ හා පළමු ලියාපදිංචියෙන් වසරකට අඩු කාලයක් භාවිත කරන ලද වාහන වාහන කාණ්ඩ හතරක් සඳහායි.
ඒ අනුව වාණිජ කටයුතු සඳහා භාවිත කරන වාහනවලට, එහි වටිනාකමින් 80% ක ණය සීමාවක් ලබාගත හැකියි.
සැහැල්ලු ලොරි සහ අනෙකුත් ලොරි කාණ්ඩ, මගී ප්‍රවාහන රථ, ද්වී රෝද ට්‍රැක්ටර් හෝ ට්‍රේලර් රථ කෘෂිකාර්මික කටයුතු සඳහා
යොදා ගන්නා රථ සහ ඉදිකිරීම් වැනි විශේෂ අවශ්‍යතා සදහා යොදා ගන්නා රථ,මේ කාණ්ඩයට ඇතුළත් වනවා.
මීළඟ කාණ්ඩය යටත් මෝටර් රථ, එස් යූ වී වර්ගයේ ජීප් රථ හා වෑන් සඳහා 60 %ක දක්වා වන ණය සීමාවක් ලබාගත හැකියි.
ත්‍රීරෝද රථ සඳහා එහි වටිනාකම මෙන් 50% ක ණය සීමාවක් ලබාදී තිබෙනවා.
අනෙකුත් රථ සඳහා එහි වටිනාකම මෙන් 70% ක ණය සීමාවක් ලබාගත හැකි බව, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.
ඒ අතරට, එංජින් ධාරිතාව 100 ඉක්මවන හා ඊට පහළ කාණ්ඩවල යතුරු පැදි ඇතුළත්.
අදාළ සංශෝධිත අනුපාත සටහන පහතින්…

