දකුණු කොරියාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දකුණු කොරියාවට අධික වර්ෂාපතනයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර 1,300කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
මිය ගිය පුද්ගලයින් 4 දෙනා අතරින් දෙදෙනෙකු වයස අසූව පසුකළ පිරිමි පුද්ගලයින් වනවා.
මිය ගිය තුන්වන පුද්ගලයා තම මෝටර් රථය මතට තාප්පයක් කඩා වැටීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයෙකු හදිසි වර්ෂාපතනයත් සමග ඇති වු කළබලකාරී තත්ත්වයත් සමග හෘදයාබාධයක් ඇති වීමෙන් ජිවිතක්ෂයට පත්වු බව සඳහන්.
පසුගිය පැය 24 තුළ දී මිලි මීටර් 400 ඉක්මවු වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
හදිසි වර්ෂාපතනය හා ජල ගැලීම් හේතුවෙන් ඉහළම අවදානම් නිවේදන නිකුත් කිරිමටයි දකුණු කොරියා රජය පියවර ගෙන ඇත්තේ.