Latest News

ස්පාඤ්ඤයේ අගනුවර ආසන්නයේ ඇවිලෙයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර ආසන්නයේ ප්‍රබල ලැව්ගින්නක් ව්‍යාප්තව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඊයේ(17) ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර ආසන්න මෙන්ත්‍රීදා සහ වැල්මොහාදෝ යන කලාපවල ප්‍රබල ලැව්ගින්නක් ව්‍යාප්තව තිබුණා.

මේ හේතුවෙන් එම කලාපයේ නිවාසවල රැඳී සිටි විශාල පිරිසක් ආරක්ෂිත කලාප වෙත යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

අධික තාපය සහ වියළි බව හේතුවෙන් මෙය සිදුව ඇති බවයි පැවසෙන්නේ.

හෙක්ටයාර 3,000ක් (අක්කර 7,400) පමණ ප්‍රදේශයක් විනාශ වි ඇති අතර, ලැව්ගින්න පාලනයට ගිනි නිවන අංශයට දැඩි වෙහෙසක් ගැනීමට සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ස්පාඤ්ඤ බලධාරීන් පවසන්නේ කලාපයේ පවතින දැඩි සුළඟ හේතුවෙන් ලැව්ගින්නේ ව්‍යාප්තිය තීව්‍ර වී ඇති බවයි.

එමෙන්ම ලැව්ගිනි හේතුවෙන් හටගත් දුමාරයෙන් මැඩ්රිඩ් අගනුවර වායු දූෂණය ද කැපී පෙනෙන මට්ටමකින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

World News

Send your contact Details Today