Latest News

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම භාරගත් අය මෙන්න

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ, පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම The Resistance Front සංවිධානය (TRF) විසින් භාරගත් බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසනවා.

ඔහු සදහන් කළේ, එම සංවිධානය විදේශීය මෙන්ම ගෝලීය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කළ බවයි.

මෙම පියවර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට සහ වින්දිතයින්ට යුක්තිය සහතික කිරීමට ට්‍රම්ප් පරිපාලනයේ කැපවීම පිළිබිඹු කරන බවත් රාජ්‍ය ලේකම්වරයා පැවසුවා.

මේ අතර ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පැවසුවේ ත්‍රස්තවාදය, බෙදුම්වාදය සහ අන්තවාදයට එරෙහිව දැඩි ස්ථාවරයක් අවශ්‍ය බවයි.

පසුගිය අප්‍රේල් 22 වැනිදා ජම්මු සහ කාශ්මීර්හි පහල්ගම් ත්‍රස්ථ ප්‍රහාරය එල්ල වුණා.

එම ප්‍රහාරයෙන් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 26 ක්.

ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව හා පාකිස්ථානය අතර යුධමය තත්ත්වයක්ද උත්ගත වුණා.

ඒ පාකිස්ථානය එම ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා කරමින්.

කෙසේ වෙතත් පාකිස්ථානය එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

World News

Send your contact Details Today