Latest News

ශ්‍රී ලංකාවට එන විදේශිකයින්ට ගුවන්තොටුපොළේදීම දෙන්න යන දේ

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් සඳහා තාවකාලික රියැදුරු බලපත් නිකුත් කිරීම ගුවන් තොටුපොළේදීම සිදුකිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා විශේෂ කවුළුවක් කටුනායක ගුවන් තොටුපොළේදී ස්ථාපිත කිරීමට නියමිතයි.

මේ වනවිට මෙරටට පැමිණෙන විදේශිකයන්ට තාවකාලික රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයට යා යුතු වනවා.

මෙය කාලය හා මුදල් නාස්තියක් බවට පෙන්වා දීමෙන් අනතුරුව, මෙම තීරණය ගත් බවයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

නව වැඩපිළිවෙල ලබන මස තුන් වැනිදා සිට ක්‍රියාත්මකයි.

World News

Send your contact Details Today