Latest News

කැලිෆෝනියාවේ පදික වේදිකාවකින් හමු වූ ටෙඩි බෙයාර් කෙනෙකු නිසා ප්‍රදේශවාසීන් කැළඹෙයි (PHOTOS)

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පදික වේදිකාවක තිබී මිනිස් සමෙන් සාදන ලදැයි සැක කෙරුණු විකෘති ටෙඩි බෙයාර් කෙනෙකු සොයාගැනීම ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

මෙම සිදුවීම බියට පත් ප්‍රදේශවාසීන්ගේ අවධානයට ලක්වූ අතර, ඔවුන් විසින් පොලිසියට දැනුම්දීමත් සමඟ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම ටෙඩි බෙයාර් හමුවී ඇත්තේ ඉන්ධන පිරවුම්හලක් සහ බස් නැවතුම්පොළක් අතර පිහිටි පදික වේදිකාවකයි.

මුලින් බැලූ බැල්මට, මෙම ටෙඩි බෙයාර් මිනිස් සමෙන් සාදා ඇති බවත්, එහි ඇස්, තොල් සහ නාසය මිනිස් ආකාරයට සමාන බවත් පෙනී ගොස් තිබෙනවා.

මෙය දුටු ප්‍රදේශවාසීන් බියට පත්ව, සිදුවීම බරපතල ලෙස සැලකූ අතර, එය මිනිස් පටක භාවිතයෙන් නිර්මාණය කළ බවටයි සැක පළ කර ඇත්තේ.

කෙසේ වෙතත්, පොලිස් පරීක්ෂණයෙන් සහ අධිකරණ වෛද්‍ය කණ්ඩායමේ විමර්ශනයෙන් හෙළි වූයේ මෙම ටෙඩි බෙයාර් මිනිස් සමෙන් නොව, මිනිස් සමට සමාන කෘත්‍රිම ද්‍රව්‍යයකින් සාදන ලද බවයි. මෙම ද්‍රව්‍යයේ රූපමය ලක්ෂණ මිනිස් සමට ඉතා සමාන වූ නිසා මුලින් මෙම ව්‍යාකූලත්වය ඇති වූ බවයි.

වැඩිදුර විමර්ශනවලින් අනාවරණය වූ සැලකිය යුතු කරුණක් වන්නේ, මෙම ටෙඩි බෙයාර් දකුණු කැරොලිනාවේ කලාකරුවෙකු විසින් නිර්මාණය කරන ලද බවයි.

එම කලාකරුවා විසින් මෙම නිර්මාණය කලාත්මක අරමුණු සඳහා සිදු කර ඇති බවත්, එය සමාජයේ කම්පනයක් ඇති කිරීමේ අරමුණකින් යුතුව නිර්මාණය කරන ලද්දක් නොවන බවත් පරීක්ෂකයින් සඳහන් කර තිබෙනවා.

මෙම සිදුවීමෙන් පසු, ප්‍රදේශවාසීන් අතර ඇති වූ කම්පනය සහ බිය මඟහැරී යමින් තිබුණත්, මෙවැනි විකෘති නිර්මාණ පිළිබඳව ජනතාවගේ අවධානය යොමු කිරීම වැදගත් බව බලධාරීහු පවසනවා.

මෙම සිද්ධිය තවදුරටත් විමර්ශනයට ලක්වෙමින් පවතින අතර, එවැනි නිර්මාණ ඉදිරියේදී මහජන ස්ථානවල තැන්පත් කිරීමේදී වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස කලාකරුවන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

World News

Send your contact Details Today