Latest News

එක්සත් ජනපද වීසා හිමියන්ට සහ අයැදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් ජනපද නීතිය යටතේ මත්පැන් පානය කර රිය පැදවීම බරපතල වරදක් බවත්, එය වීසා අවලංගු කිරීමට හෝ අනාගත නුසුදුසුකමට හේතු විය හැකි බවත් කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය සියලුම එක්සත් ජනපද වීසා හිමියන්ට සහ අයැදුම්කරුවන්ට සිහිපත් කර තිබෙනවා.

බීමතින් රිය පැදවීම හා සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් නීතිමය සහ සංක්‍රමණ ප්‍රතිවිපාක යන දෙකම ඇති කළ හැකි බවයි තානාපති කාර්යාලය එහි නිල X ගිණුමේ පළකර ඇති පණිවිඩයකින් අනතුරු අඟවා ඇත්තේ.

“මත්පැන් පානය කර රිය පැදවීම එක්සත් ජනපද නීතියට පටහැනියි. ඔබ අත්අඩංගුවට ගනු ලැබුවහොත්, ඔබගේ එක්සත් ජනපද වීසා බලපත්‍රය අවලංගු කළ හැකි අතර, අනාගත එක්සත් ජනපද වීසා සඳහා ඔබ නුසුදුසු විය හැකිය. ඔබගේ වීසා තත්ත්වය පවත්වා ගැනීම සඳහා එක්සත් ජනපද නීතිවලට අනුකූල වීම ඉතා වැදගත් වේ,” ලෙසයි තානාපති කාර්යාලය පවසා ඇත්තේ.

World News

Send your contact Details Today