ශ්‍රී ලංකාවේ උපත් අනුපාතිකය සැලකිය යුතු ආකාරයට පහත වැටී තිබෙන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) මඟින් නිකුත් කරන ලද වාර්තාවකින් හෙළිව තිබෙනවා.
ඒ අනුව වර්තමානයේ ශ්‍රී ලංකාවේ උපත් අනුපාතිකය 1.9 ක් වන අතර, ජනගහනය ස්ථාවරව පවත්වා ගැනීමට අවශ්‍ය 2.1 ක අගයට වඩා එය අඩු අගයක් බව සඳහන් වනවා.
මේ සම්බන්ධයෙන් UNFPA නියෝජිත කුලී අඩෙනියි මහතා දක්වන්නේ ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව සමඟ පැවති සාකච්ඡාවලදී ඔවුන්ගෙන් බහුතරයක් පවුලක් ආරම්භ කිරීමට කැමැත්තක් දක්වන බවයි.
එසේ වුවද පවතින ආර්ථික දුෂ්කරතා නිසා ඔවුන් එම තීරණය කල් දමා ඇති බවත් ප්‍රකාශ කර තිබෙනවා.
එසේම ඔහු දක්වා ඇත්තේ ඉකුත් වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ජීවන වියදම දෙගුණ වී ඇති බවත්, නිවාස හා ආහාර සඳහා වන වියදම් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි.
මේ නිසා තරුණ පිරිස් පවුලක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුව තාවකාලිකව නවතා දමා ඇති බව සඳහන් කරනවා.
එමෙන්ම දරුවන් ලැබිය හැකි වයසේ පසුවන වැඩිහිටියන්ගෙන් ආසන්න ලෙස 20% ක් විශ්වාස කරන්නේ තමන්ට අවශ්‍ය දරුවන් සංඛ්‍යාව බිහි කිරීමට නොහැකි වනු ඇති බව ද UNFPA වාර්තාවට අනුව සඳහන්.