Latest News

ගුවන් යානයක නියමු කුටියකට බලෙන් ඇතුළු වූ මගීන් දෙදෙනෙකුට සිදු වූ දේ

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දිල්ලි ගුවන් තොටුපළේ දී Spice Jet ගුවන් යානයක් ගුවන්තොටුපළ ධාවන පථයේ ධාවනය වෙමින් තිබිය දී බලහත්කාරයෙන් නියමු කුටියට ඇතුළු වීමට උත්සාහ කළ මගීන් දෙදෙනෙකු ඉන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මුම්බායි වෙත පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානය නැවත පැමිණ මගීන් දෙදෙනා ඉවත් කර පසුව ආරක්ෂක අංශ වෙත භාර දුන් බවයි Spice Jet පැවසුවේ.

ස්පයිස් ජෙට් සමාගමට අනුව, කැබින් කාර්ය මණ්ඩලය, සෙසු මගීන් සහ කපිතාන්වරයා නැවත නැවතත් ඉල්ලීම් කළද, මගීන් දෙදෙනා ඔවුන්ගේ ආසනවලට ආපසු යෑම ප්‍රතික්ෂේප කර තිබෙන බව ද සඳහන්.

Flightradar24.com ගුවන් ගමන් නිරීක්ෂණ වෙබ් අඩවියේ ඇති තොරතුරුවලට අනුව, මුලින් දහවල් 12:30ට පිටත් වීමට නියමිතව තිබූ SG 9282 ගුවන් යානය පිටත්ව තිබුණේ ප.ව. 7:21ටයි.

World News

Send your contact Details Today