Latest News

මහනුවර ඇසළ පෙරහර නැරඹීමේ ආසන ටිකට්පත් වංචාවක් ගැන හෙළිවේ

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මහනුවර ඇසළ පෙරහර නැරඹීමේ ආසන ටිකට්පත් ඇතැමුන් රුපියල් 50,000ත් රුපියල් 65,000ත් අතර මුදලකට අලෙවි කරන බවට හෙළිව තිබෙනවා.

ඒ අනුව මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා පවසා ඇත්තේ පෙරහර සමයේ ආසන මිල ගණන් නියාමනය පිළිබඳව අනිවාර්යයෙන්ම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

එසේ නොකළහොත් අවසන් රන්දෝලි පෙරහරට ආසනයක් රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ යා හැකි බව ඔහු ප්‍රකාශ කළ බව සඳහන්.

මහනුවර නගර සංචාරක ප්‍රවර්ධනය පිළිබඳ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති විශේෂ රැස්වීමකදී නගරාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ මෙවැන්නක්…

“මහනුවර රැජින හෝටලය කොරිඩෝවේ පෙරහර නැරඹුම් ආසන කොටසක් පමණක් මහ නගර සභාවෙන් අලෙවි කරනවා. ඒ රුපියල් 12,000, 15,000 හා 18,000ක් වැනි මුදලකට. අපි මේවා අලෙවි කරන්නේ අන්තර්ජාලය හරහා. මේ ටිකට් අලෙවිය අන්තර්ජාලය හරහා ආරම්භ කළ අවස්ථාවේම ඇතැම් පුද්ගලයෝ ටිකට්පත් 100ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නවා. මේ මිලදී ගැනීම් අපි සීමා කරලා නෑ. එහෙම කරන්නත් බෑ. ඉන්පසු මේ අය පෙරහර සමයේදී මේ ටිකට් ඉතා අධික මිලකට විකුණනවා. මේ ටිකට් අලෙවි කිරීම සම්බන්ධයෙන් මිල තීරණයක් නෑ. මිල පාලනයක් නෑ. නියාමනයක් නෑ. පෙරහර සමයේ මහනුවර නගරයේ ව්‍යාපාරික ආයතනවල බොහෝ ස්ථාන මේ ආසන පනවන්නන් හට යම් මුදලකට බදු දීම පෙර සිටම සිදුවෙනවා. ඇතැම් අය මේ ව්‍යාපාර ස්ථානවල අදාළ පරිශ්‍ර ලබාගන්නේ රුපියල් ලක්ෂ 50ත් 100 අතර මුදලකට බව අපිට තොරතුරු ලැබී තිබෙනවා. ඉන්පසු ඒ අය පෙරහර නැරඹීමේ ටිකට් තමන්ට සිතූ සිතු ගණන්වලට අලෙවි කරනවා. වැඩි මිලට විකුණලා තැරැව්කරුවන් කීපදෙනෙක් අතරේ ඉතිරි මුදල බෙදිලා යනවා. කීපදෙනෙක් මේ පෙරහර ආසන මාෆියාව හැමදාම ක්‍රියාත්මක කරනවා” ලෙසයි.

World News

Send your contact Details Today