මැලේසියාවේ අගමැති මහතීර් මොහොමඩ් රෝහල්ගත කළ බව ඔහුගේ කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
ඒ, ඉකුත් බ්‍රහස්පතින්දා යෙදී තිබුණු ඔහුගේ 100 වැනි උපන්දිනයට දින කිහිපයකට පසුව තෙහෙට්ටුව හේතුවෙන් බවයි එම නිවේදනයෙන් දැක්වෙන්නේ.
ඔහුගේ කාර්යාලය මඟින් නිකුත් කරන ලද ප්‍රකාශයකට අනුව, තෙහෙට්ටුව සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා ඔහු මැලේසියාවේ ක්වාලාලම්පූර් හි ජාතික හෘද ආයතනය වෙත ඇතුළත් කර තිබෙනවා.
කෙසේවෙතත් එහිදී විවේකයෙන් පසුවීමට ඉඩ ලබාදීමෙන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍යවරයාට ආපසු නිවසට යෑමට අවසර දී තිබෙන බව ද සඳහන්.
මැලේසියාවට සේවය කිරීම සඳහා සිය දිවියෙන් දශක ගණනක් කැපකළ 100 හැවිරිදි මෙම ප්‍රකට දේශපාලනඥයාට මීට පෙර ද හෘද රෝග වැළඳී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෑත වසරවලදී, ඔහු නිරන්තරයෙන් රෝහල්ගත කර ඇති අතර හදවත් සැත්කම්වලට ද භාජනය කෙරුණා.
ඔහු අවසන්වරට රෝහල්ගත කරනු ලැබුවේ ඉකුත් ඔක්තෝම්බර් මාසයේදී වන අතර, ඒ ශ්වසන ආසාදනයක් හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වසර 24ක් අඛණ්ඩව අගමැති ධුරයේ කටයුතු කළ ඔහු 2020 දී විශ්‍රාම ගියා.