Latest News

ට්‍රම්ප්ගෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාවට නව සම්බාදක පැනවීමට කටයුතු කරන බවට අමෙරිකා ජනාධිපතිවරයා අනතුරු අඟවනවා.

දින 50ක කාලයක් ඇතුලත යුද ගැටුම් අවසන් කිරීමට රුසියාව කටයුතු නොකළ හොත් රුසියාවට නව සම්බාදක පැනවීමට කටයුතු කරන බවයි අමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

ඊයේ ධවල මන්දිරයේ දී නෙටෝ ප්‍රධාන හමුවු අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කළා.

එමෙන්ම යුක්‍රේනයට අවශ්‍ය ඉහළ පෙලේ යුද අවි ලබාදීමට කටයුතු කරන බවයි ඔහු මෙහිදි තවදුරටත් ප්‍රකාශ කළේ.

ඒ යටතේ අමෙරිකාව මිසයිල නාශක අවි පද්ධතියක් ලබාදීමට පොරොන්දු වු බවයි නෙටෝ ප්‍රධානියා කියා සිටියේ.

World News

Send your contact Details Today