Latest News

පෘතුවියේ මෙතෙක් හමු වූ විශාලතම අඟහරු පාෂාණය වෙන්දේසි කරයි (PHOTOS)

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පෘතුවියේ මෙතෙක් සොයාගෙන ඇති විශාලතම අඟහරු පාෂාණය වෙන්දේසි කිරීමට නිව්යෝර්ක්හි සොතෙබිස් වෙන්දේසි සමාගම තීරණය කර තිබෙනවා.

එම පාෂාණය NWA 16,788 නමින් හැඳින්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කිලෝග්‍රෑම් 25ක් බරැති එම පාෂාණය අමෙරිකානු ඩොලර් මිලියන 2ත් 4ත් අතර මුදලකට අලෙවි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

දැනටමත් අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක පූර්ව වෙන්දේසි ලංසුවක් ඉදිරිපත් කර ඇති බවයි සොතෙබිස් සමාගම පවසන්නේ.

එම පාෂාණය දැවැන්ත ග්‍රහක ප්‍රහාරයකින් අඟහරු ග්‍රහයාගෙන් පිටතට ගෙන ගොස් සැතපුම් මිලියන 140ක් ගමන් කර පෘථිවියට පැමිණ ඇති බවට විශ්වාස කෙරෙනවා.

එය 2023 වසරේ නොවැම්බර් මාසයේදී සහරා කාන්තාරයෙන් සොයා ගත් බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් එම පාෂාණය පෘතුවියට පතිත වූයේ කවදාද යන්න නිශ්චිතවම පැහැදිලි නොමැති නමුත් පරීක්ෂණවලදී අනාවරණය වුයේ එය මෑත වසරවලදී සිදු වන්නන්ට ඇති බවයි.

ඊට පසු කාලයකදී පෘථිවියේ හමු වූ ඊළඟ විශාලතම අඟහරු පාෂාණයට වඩා මෙම පාෂාණය සියයට 70ක් පමණ විශාල බවයි සොතෙබිස් වෙන්දේසි සමාගම පවසන්නේ.

World News

Send your contact Details Today