අමරිකාවේ ගුවන් තොටුපළවල ආරක්ෂක පරීක්ෂාවන් වලදී පාවහන් ඉවත් කර පරීක්ෂා කිරීමේ පියවර ඉවත් කර තිබෙනවා.
වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එරට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම් විසින් මෙම නීති සංශෝධනය නිවේදනය කර සිටියා.
2010 වසරේදී අල්කයිඩා සාමාජිකයෙකු පාවහන් තුළ පුපුරණ ද්‍රව්‍ය සඟවාගෙන සිටියදී අත්අඩංගුවට ගැනීමෙන් වසර පහකට පසු අමරිකානු ගුවන් තොටුපළවල මගීන් පරීක්ෂා කිරීම් අතරතුර පාවහන් ඉවත් කිරීම අනිවාර්ය කර තිබුණා.
මේ අතර අමරිකානු Transportation Security Administration ආයතනය කියා සිටියේ දැනට පවතින ආරක්ෂක තාක්ෂණික ක්‍රම නිසා මෙම පියවර සිදුකිරීම ඉවත් කර දැමූ බවයි.
තවද අමරිකාවට පැමිණෙන සංචාරකයින්ට ආරක්ෂක ප්‍රමිතීන් පවත්වා ගනිමින් ගුණාත්මක සේවයක් ලබා දීම තම වගකීම බවයි එම ආයතනය වැඩිදුරටත් කියා සිටියේ.
පාවහන් ඉවත් කිරීම අවලංගු කළද අනෙක් සියලු ආරක්ෂක පියවර ඉදිරියටත් ක්‍රියාත්මක වන බව Transportation Security Administration නිවේදනය කර සිටියා.