Latest News

ලන්ඩන් ගුවන්තොටුපළක දී ගුවන් යානයක් කඩා වැටී දරුණු අනතුරක් (VIDEO)

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලන්ඩන් සවුත්එන්ඩ් ගුවන්තොටුපළේ දී ගුවන් යානයක් කඩා වැටී අනතුරක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊයේ (13) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.

ලන්ඩනයේ සිට කිලෝමීටර් 72ක් පමණ නැගෙනහිරින් පිහිටි සවුත්එන්ඩ් ගුවන්තොටුපළේ දී මෙම ගුවන් අනතුර සිදුවන අවස්ථාවේ දී එහි කොපමණ පිරිසක් සිටියාද යන්න පිළිබඳ තවමත් තොරතුරක් වාර්තා වී නැහැ.

නෙදර්ලන්ත සමාගමක් වන Zeusch Aviation, ඔවුන්ගේ SUZ1 ගුවන් යානය ලන්ඩන් සවුත්හෙන්ඩ් ගුවන්තොටුපළේදී අනතුරට ලක්ව ඇති බව මේ වනවිට තහවුරු කර තිබෙනවා.

මෙම යානය ඊයේ ග්‍රීක අගනුවර වන ඇතන්ස් සිට ක්‍රොඒෂියාවේ පුලා දක්වා පියාසර කර සවුත්හෙන්ඩ් ගොස් ඇති අතර, එදින සවස ලෙලිස්ටැඩ් ගුවන්තොටුපළට නැවත පැමිණීමට සැලසුම් කර තිබූ බවයි වාර්තා වන්නේ.

යානය ගමන් කරන්නේ කොතැනටද යන්න හෝ එහි කොපමණ පිරිසක් සිටියාද යන්න පිළිබඳ විස්තර වහාම අනාවරණය වී නැහැ.

කෙසේවෙතත් ගුවන්තොටුපළ, සාමාන්‍ය ගුවන් යානා ගුවන් යානයක් සම්බන්ධ “බරපතල සිදුවීමක්” සිදුවී ඇති බවයි සමාජ මාධ්‍ය ඔස්සේ තහවුරු කර ඇත්තේ.

World News

Send your contact Details Today