තායිලන්තයේ මෙම වසරේ නව HIV රෝගීන් 13,000ක් වාර්තා වී තිබෙනවා.
තරුණ පිරිස සහ සංචාරක කලාපවල HIV රෝගීන්ගේ වැඩි ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි වාර්තා වන්නේ.
උප සෞඛ්‍ය අමාත්‍ය චයිචනා ඩෙච්ඩෙචෝ [Chaichana Dechdecho] පසුගියදා පාර්ලිමේන්තුවට දන්වා සිටියේ.
තායිලන්තය පුරා සමස්ත HIV වාර්තා ස්ථාවර වී ඇතත් තරුණයින් ඇතුළු කුඩා පිරිසක් අතර නව ආසාදන වේගයෙන් වැඩෙමින් පවතින බවයි.
අනාරක්ෂිත ලිංගික හැසිරීම් සහ HIV තවදුරටත් බරපතල අවදානමක් නොවන බවට ඇති වැරදි විශ්වාසය ඊට හේතු වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
තායිලන්තයේ ජාතික සෞඛ්‍ය ආරක්ෂක කාර්යාලය (NHSO) පවසන්නේ මේ දක්වා HIV ආසාදිතයන් 547,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.
මීට පිළියම් ලෙස මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පාසල්වල කොන්ඩම් බෙදා හැරීම, ලිංගික අධ්‍යාපනය වේගවත් කිරීම සහ HIV පරීක්ෂණ වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.
නව ආසාදන සංඛ්‍යාව වසරකට 1,000 කට අඩු කිරීම සහ වාර්ෂික මරණ සංඛ්‍යාව 4,000 දක්වා අඩු කිරීමයි අමාත්‍යාංශයේ අරමුණ වී ඇත්තේ.