තම රටට එරෙහිව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බදු වැඩි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධව බ්‍රසීල ජනාධිපතිවරයා අමෙරිකාවට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.
අමරිකා ජනාධිපතිවරයා නිවේදනය කර තිබුනේ බ්‍රසීලයටද 50%ක තීරු බද්ධක් පැනවීමටයි.
බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා පවසා තිබුනේ අමෙරිකානු ජනාධිපතිවරයා පළි ගැනීමක් ලෙස සිය රටට එරෙහිව බදු ඉහළ දැමීමක් සිදුකළ හොත් අමෙරිකාවටද පළි ගැනීමේ තිරු බදු ප්‍රකාශයට පත් කරන බවයි.
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට එරෙහි බ්‍රසීලයේ අපරාධ නඩු විභාගය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ විවේචනයට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගෙන තිබෙනවා.
සිය X ගිණුමේ සටහනක්ද තබමින් බ්‍රසීල ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තම රට කිසිඳු ආකාරයක රැකවරණයක් පිළි නොගන්නා බවයි.
එමෙන්ම ඒක පාර්ශ්විකව තීරු බදු වැඩි කිරීමේ ඕනෑම පියවරකට බ්‍රසීලයේ ආර්ථික නීතියට අනුව ප්‍රතිචාර දක්වන ඇති බවද ඔහු එමගින් පෙන්වා දී තිබුණා.