Latest News

සිරගතව සිටින ඉම්රාන්, ආණ්ඩුවට එරෙහිව කරන්න යන දේ

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තාන ටෙහිරීක් ඉ ඉන්සාෆ් හෙවත් PTI පක්ෂයේ නිර්මාතෘ, දැනට බන්ධනාගාරගතව සිටින ඉම්රාන් ඛාන් බන්ධනාගාරයේ සිට රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් සංවිධාන කරන බව ඇගේ සහෝදරිය ප්‍රවෘත්ති වාර්තාකරුවන්ට පවසා තිබෙනවා.

ඉම්රාන් ඛාන් සිරගත කොට වසර 2ක් සපිරෙන අගෝස්තු 5 වැනිදා වන විට විරෝධතා උච්චතම ස්ථානයට ළඟා වීම ඔහුගේ අපේක්ෂාව බව සහෝදරිය වන ඇලීමීමා ඛාන් උපුටා දක්වමින් පාකිස්තාන මාධ්‍ය වාර්තා කළා.

ඉස්ලාම් දින දර්ශනයට අනුව වසරේ පළමු මාසය වන මුහරම් හි 10 වැනිදායින් පසු ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ආරම්භ කිරීමට ඉම්රාන් ඛාන් PTI වෙත උපදසේ දී ඇතැයි ඇලීමීමා පවසනවා.

ඇය මේ බව සඳහන් කර තිබුණේ රාවල්පින්ඩි අඩියිආලා බන්ධනාගාරයේ රඳවා සිටින සිය සහෝදරයා බැලීමට ගොස් යළි පැමිණි අවස්ථාවේදීයී.

විරෝධතාව පෙෂාවර් සිට ලාහෝර් දක්වා පැමිණෙන්න ද නැතහොත් වෙනත් මාර්ගයක් යොදා ගන්නේ ද යන්න පක්ෂය විසින් දැනුම් දෙනු ඇති.

World News

Send your contact Details Today