නාසා ආයතනයේ පාකර් සූර්ය මෙහෙයුමේ ඉතා සමීපව ලබාගත් සවිස්තරාත්මක ඡායාරූප කිහිපයක් නිකුත් කර තිබෙනවා.
පසුගිය දෙසැම්බර් මාසයේදී පාකර් සූර්ය මෙහෙයුම ක්‍රියාත්මක කළ අතර එහිදී ලබාගත් අතිශය පැහැදිලි ඡායාරූප නාසා ආයතනය එළිදක්වනු ලැබුවා.
මෙහෙයුමේ දී, එම ගවේෂණ යානය සූර්යයාට කිලෝමීටර් මිලියන 6.2 ක් දුරින් ගමන් කර තිබෙනවා.
සූර්යයාට මෙවැනි සමීප දුරකින් කිසිඳු අභ්‍යවකාශ යානයක් මීට පෙර ගමන් කර නැහැ.
යානය මඟින් ලබාගත් ඡායාරූප මගින් කිරීටක ස්කන්ධ පිටකිරීම් (Coronal Mass Ejections – CMEs) තුනක් පෙන්වන අතර, ඒවා විද්‍යාඥයින් අභ්‍යවකාශ කාලගුණය පිළිබඳ වැඩිදුර අවබෝධයක් ලබාගැනීම සඳහා භාවිතා කරනු ඇති.
එම දැනුම භාවිතයෙන්, අභ්‍යවකාශ කාලගුණය මඟින් පෘථිවිය මත ඇති කළ හැකි සංවේදී බලපෑම් සඳහා වඩා හොඳින් සූදානම් විය හැකි බවයි නාසා ආයතනය පවසන්නේ.
පාකර් සූර්ය ගවේෂණ ව්‍යාපෘති විද්‍යාඥ නූර් රවාෆි (Nour Rawafi) සඳහන් කර ඇත්තේ ගවේෂණ යානයෙන් ලැබුණු පැහැදිලි රූප සහ විස්තර ප්‍රමාණය අලුත්ම තොරතුරු පෙන්වන බවයි.