අන්තර්ජාලයේ ප්‍රසිද්ධ තායිලන්තයේ පිග්මි හිපපොටේමස් සතකු වන Moo Deng සිය පළමු උපන්දිනය සමරනු ලැබුවා.
එම සැමරුම, විවෘත සත්වෝද්‍යානයේ දින හතරක උත්සවයක් ලෙස පැවති බවයි මාධ්‍ය වාර්තා කළේ.
“Bouncy Pork” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඇය ළදරුවෙකු ලෙස ගෝලීය කීර්තියට පත් වූ අතර දැන් සමාජ මාධ්‍ය අනුගාමිකයින් මිලියන පහකට වඩා ඇය හඳුනාගෙන සිටිනවා.
මෙම සැමරුම තායි රජයේ නිවාඩු දිනයක ආරම්භ වී තිබෙනවා.
අනෙකුත් හිපපොටේමස් සතුන්ට වඩා ජවසම්පන්න වීම සහ පෙනුමේ පවතින වෙනස් වීම් ඇගේ ජනප්‍රියතාවයට හේතුවී තිබෙනවා.
සත්වෝද්‍යානය මෙම සත්වයාගේ මෝස්තර සහිත ඇඳුම් සහ අනෙකුත් වෙළඳ භාණ්ඩ විකිණීමට පටන් ගෙන තිබෙන බවයි වාර්තා වල දැක්වුණේ.
ඒ අනුව මෙම සත්වයා රසික කලා කෘති රැසකට ආභාෂය ලබා දී තිබෙනවා.
මෙම සත්වයා වඳවීමේ තර්ජනයට ලක්ව සිටින හිපපොටේමස් විශේෂයකට අයත් වනවා.