චීනය සහ අමරිකාව ආර්ථික හා වෙළඳ ක්ෂේත්‍රවල ඔවුන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් සමීප සන්නිවේදනයක් පවත්වාගෙන යන බව චීනය පවසනවා.
එළඹෙන අගෝස්තු ආරම්භයේ චීන – අමරිකා සාකච්ඡා යළි පවත්වන්නේද යන්න පිළිබඳව මාධ්‍ය හමුවකදී ප්‍රතිචාර දක්වමින් චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශිකා He Yongqian මහත්මිය මේ බව සඳහන් කළා.
මෙම වසරේ මැයි මාසයේ සිට, චීන හා අමරිකා රාජ්‍ය නායකයින් එළඹ ඇති එකඟතාවන්හි මඟ පෙන්වීම යටතේ, දෙපාර්ශ්වයේ ආර්ථික හා වෙළඳ කණ්ඩායම් ජිනීවා සහ ලන්ඩනයේදී ඉහළ මට්ටමේ ආර්ථික හා වෙළඳ සාකච්ඡා පවත්වනු ලැබුවා.
ඒ ඔස්සේ සම්මුතියකට එළඹි බව ඇය සඳහන් කළා.
දෙපාර්ශ්වය අදාළ පියවර කඩිනමින් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දෙරට ආර්ථික හා වෙළඳ සබඳතා ස්ථාවර වී ඇති බවයි ඇය පැවසුවේ.
චීන – අමරිකානු නායකයන්ගේ වැදගත් එකඟතා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් දෙරටේ ආර්ථික හා වෙළඳ සබඳතාවයේ ස්ථාවර, විධිමත් හා අඛණ්ඩ සංවර්ධනය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම චීනයේ අපේක්ෂාව වන බව ද ඇය සඳහන් කළා.