Latest News

ට්‍රම්ප්ගෙන් බ්‍රසීලයට තර්ජනයක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රසීලයට සියයට 50ක ආනයනික තීරු බද්දක් පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් බ්‍රසීල ජනාධිපති ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා වෙත ලිපියක් යොමු කරමින් මේ බව පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජයීර් බොල්සොනාරෝට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වහාම අවසන් කළ යුතු බව අමෙරිකානු ජනාධිපතිවරයා එම ලිපිය මගින් දන්වා තිබෙනවා.

2022 වසරේ පැවති බ්‍රසීල ජනාධිපතිවරණය පරාජයට පත්වීමෙන් පසු බලයේ රැඳී සිටීමට කුමන්ත්‍රණය කළ බවට එරට හිටපු ජනාධිපති ජයීර් බොල්සොනාරෝට චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් බොල්සොනාරෝට එරෙහිව නඩු පැවරීමට වත්මන් බ්‍රසීල ආණ්ඩුව ගෙන ඇති තීරණය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම පසුගියදා පැවති බ්‍රික්ස් සමුළුවේදී අමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරු බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපතිවරයා විවේචනාත්මක අදහස් පළ කර තිබුණා.

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් බ්‍රසීලයට සියයට 50ක ආනයනික තීරු බද්දක් පනවන බවට තර්ජනය කර ඇත්තේ ද මෙවැනි පසුබිමක් තුළයි.

World News

Send your contact Details Today