ආසියානු කාන්තාවන්, අමරිකානු කාන්තාවන්ට සාපේක්ෂව වයසට යාම ඉක්මනින් සිදුවන බවට අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.
අමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් අධ්‍යයනයකින් හෙළි වූයේ; අමරිකාවේ සිටින දකුණු ආසියානු කාන්තාවන්ගේ සාමාන්‍යයෙන් ආර්තවහරණය (menopause) සිදුවීමේ වයස සීමාව අවුරුදු 48ක් හෝ 49ක් බවයි.
එහෙත් අමරිකානු කාන්තාවන්ගේ ආර්තවහරණය (menopause) ආරම්භ වන්නේ වයස අවුරුදු 52 කදී පමණ බවයි සමීක්ෂකයින් පෙන්වාදෙන්නේ.
ඒ හේතුවෙන් ආසියානු කාන්තාවන්ට පූර්ව ආර්තවහරණ රෝග ලක්ෂණ ඉක්මනින් අත්විඳීමට සිදුවනු ඇති.
තවද බොහෝ ආසියානු කාන්තාවන් වයස අවුරුදු 30 / 40 ගණන්වලදී ඩිම්බකෝෂ අක්රියතා වැනි වෛද්‍ය ගැටළුවලට මුහුණදෙන බව අධ්‍යයනයෙන් අනාවරණය වී තිබෙනවා.
මුල් අවධියේ ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් නොමැතිකම මෙන්ම ආසියානු සංකෘතීන්ට අනුව ඉක්මනින් දරුවන් ලැබීම මඟින් බොහෝ ආසියානු කාන්තාවන් තම සෞඛ්‍ය තත්වය නොසලකා හරින බවයි සමීක්ෂකයින් පෙන්වාදෙන්නේ.
මේ අතර දකුණු ආසියානු කාන්තාවන් වයසට යාම වේගවත් කිරීම සඳහා විවිධ සාධක හේතුවන අතර නිදන්ගත රෝග, ආතතිය සහ අනෙකුත් මානසික සෞඛ්‍ය ගැටළු සහ සමාජ පීඩන ද ඒ අතර වනවා.