Latest News

තීරුබදු ලිපි යවා දිනකට පසුව 50%ක අලුත් බද්දක් ගැන ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආනයනික තඹ සඳහා සියයට 50ක නව තීරුබදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු කියා සිටියේ අර්ධ සන්නායක සහ ඖෂධ සඳහා දීර්ඝ කාලයක් තිස්සේ නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බදු කඩිනමින් හඳුන්වා දෙන බවයි.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ දකුණු කොරියාව සහ ජපානය වැනි අමෙරිකාවේ ප්‍රධාන සැපයුම්කරුවන් ඇතුළු වෙළඳ හවුල්කරුවන් වන රටවල් 14කට නව තීරුබදු ලිපි යවා දිනකට පසුවයි.

බ්‍රසීලය, ඉන්දියාව මෙන්ම බි්‍රක්ස් රටවල සෙසු සාමාජිකයින්ගේ නිෂ්පාදන සඳහා සියයට 10ක තීරුබදු පනවන බවට එහිදී ට්‍රම්ප් විසින් යළි අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ යුරෝපා සංගමයට ද ඉදිරි දින කිහිපයේදී තීරුබදු ලිපි යැවීමට කටයුතු කරන බවයි.

කෙසේවෙතත් අද දිනයෙන් අවසන් වීමට තිබූ අමෙරිකානු බදු ක්‍රියාත්මක වීම අත්හිටුවීමේ කාලය අගෝස්තු පළමු වන දා දක්වා කල්දමා තිබෙනවා.

World News

Send your contact Details Today