Latest News

ලෝක උරුම ලැයිස්තුවට නව ස්ථාන එකතු කිරීමට UNESCO සංවිධානය සූදානම්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක උරුම ලැයිස්තුවට නව ස්ථාන එකතු කිරීමට UNESCO සංවිධානය සූදානම් වනවා.

ඒ අනුව බැවේරියාවේ (Bavaria) II වන ලුඩ්විග් (Ludwig) රජුගේ මාලිගා ඊට එක් කිරීමට නියමිතයි.

නොෂ්වන්ස්ටයින් මාලිගාව (Neuschwanstein Castle), ලින්ඩර්හොෆ් මාලිගාව (Linderhof Palace), ෂැචෙන් හි රජුගේ නිවස (King’s House on Schachen) සහ හැරන්ශීම්සී මාලිගා සංකීර්ණය (Herrenchiemsee Palace Complex) ඊට ඇතුළත් වනවා.

ලොව පුරා තවත් දර්ශන 31 ක් ද මෙහිදී සලකා බැලීමට නියමිතයි.

පැරිසියේ පැවැත්වෙන ලෝක උරුම කමිටුවේ 47 වන සැසියේදී අවසන් තීරණය ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව ලබන 16 වනදා සැසිය අවසන් වනු ඇති.

World News

Send your contact Details Today