අමෙරිකාවේ සරම්ප රෝගීන් සංඛ්‍යාව 1,300කට ආසන්න වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය නිකුත් කළ දත්ත වාර්තාවකට අනුව එවැනි ඉහළම සරම්ප රෝගීන් සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වී ඇත්තේ වසර 33කට පසුව බව ද සඳහන්.
අමෙරිකාවෙන් සහමුලින්ම තුරන් වූ බවට මිට පෙර වාර්තා පළවූ සරම්ප රෝගය වර්තමානය වන විට අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතින බව ද ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වී තිබෙනවා.
එම වාර්තාවට අනුව අමෙරිකාවේ ප්‍රාන්ත 38ක සරම්ප රෝගය ව්‍යාප්ත වී ඇති අතර, එහි අතුරු ආබාධ හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් තිදෙනකු ජිවිතක්ෂයට පත්වී තිබෙන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළා.
දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් 92%ක්ම එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන් බවද වාර්තා වනවා.
සරම්ප රෝගය වැඩි වශයෙන් පැතිරී ඇති ටෙක්සාස් ප්‍රාන්තයෙන් පමණක් ආසාදිතයන් 700කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර, තවත් සැලකිය යුතු සංඛ්‍යාවක් කැන්සාස් සහ නිව්මෙක්සිකෝ ප්‍රාන්තවලින් වාර්තා වී තිබෙන බව ද වැඩිදුරටත් වාර්තා වනවා.