තුන්වන ලෝක යුද්ධය චීන ජනාධිපති සහ රුසියානු අගමැතිගේ එකවර ආක්‍රමණ සමග ආරම්භ වනු ඇතැයි නේටෝ ප්‍රධානී මාර්ක් රූට් (Mark Rutte) පවසනවා.
චීන සහ රුසියානු නායකයින්ගේ ඒකාබද්ධ ප්‍රහාර ලෝක යුද්ධයක් බවට පත්විය හැකි බවයි නේටෝ ප්‍රධානියා කියා සිටියේ.
නේටෝ ප්‍රධානි රූට් පවසන පරිදි චීනය තායිවානය අල්ලා ගැනීමටත් පුටින් යුරෝපීය රටවල් වන Estonia, Latvia සහ Lithuania දෙස යොමුවී සිටින බවටත් අනතුරු අඟවා සිටිනවා.
මිලිටරි අයවැය නැවත සන්නද්ධ කිරීමේ හදිසි අවශ්‍යතාවය අවධාරණය කරමින් නේටෝ ප්‍රධානී රූට් Newyork Times පුවත්පතට අනාගතය පිළිබඳ බියජනක දැක්මක් ප්‍රකාශ කර තිබෙනවා.
බටහිර රටවල් ආරක්ෂක වියදම් වැඩි කළ යුතු බව අවධාරනය කරමින් පුටින් වේගයෙන් නැවත සන්නද්ධ වෙමින් සිටින බවයි රූට් අනතුරු අඟවා සිටියේ.
මේ හේතුවෙන් නේටෝහි සියලුම සාමාජික රටවල් වසරක් තුළ නිෂ්පාදනය කරන ප්‍රමාණයට වඩා තුන් ගුණයකින් මාස 3 ක් තුළ ආයුධ නිෂ්පාදනය කරමින් සිටින බව ඔහු නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට වැඩිදුරටත් කියා සිටියා.