Latest News

ටෙක්සාස් හි ගං වතුර බිළිගත් මිනිස් ජීවිත ගණන නොසිතූ ලෙස ඉහළට

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමරිකාවට බලපෑ හදිසි වර්ෂාපතනය හේතුවෙන් හටගත් ගංවතුර නිසා මියගිය සංඛ්‍යාව 78 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

හදිසි ගංවතුරෙන් ටෙක්සාස් හි කෙර් ප්‍රාන්තයේ මියගිය 68 දෙනා අතර ළමයින් 28 දෙනෙකු ද සිටිනවා.

ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් පවසන්නේ අනෙකුත් ප්‍රාන්තවල ද තවත් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල පුද්ගලයින් 41 දෙනෙකු අතුරුදහන් ව සිටිනවා.

ගංඟා ඉවුරේ කඳවුරෙන් අතුරුදහන් වූ ගැහැණු ළමයින් 10 දෙනෙකු සහ එක් උපදේශකයෙකු සෙවීම දිගටම කරගෙන යන බවයි.

World News

Send your contact Details Today